පුරවර සංවර්ධන ව්‍යාපෘතිය (ව්‍යාපෘති 19)

  • Home
  • Urban Development Project

1. "පිවිතුරු පුරයක්" කසළ කළමනාකරණ ව්‍යාපෘතිය

කසළ බැහැර කිරිමට විධිමත් ක්‍රියාවලියක් සිදු කිරීම සහ එකතු වන කසළ ප්‍රමාණය අඩු කරමින් ගෘහ ඵලදායිතා සංකල්පය ඵලදායි ව්‍යාපෘතියක් බවට පත් කිරිම සඳහා ගෙවතු වගාවට අනුබල දීම.

2. "වියමනෙන් එහා" ආර්ථික සංවර්ධන ව්‍යාපෘතිය

ස්වයං රැකියා පිළිබඳ දත්ත පද්ධතියක් සකස් කොට දැනට සිදු කරන ස්වයං රැකියා දියුණු කිරීමත් නව ස්වයං රැකියා සහ කර්මාන්ත අවස්ථා නිර්මාණය කිරීමත් වෘත්තීය පුහුණු අවස්ථා සකස් කර විශේෂයෙන් කාන්තා සංවර්ධනය සහ ගෘහ ඵලදායිතාව ශක්තිමත් කිරිමට කටයුතු කිරිම සහ සියලු වෙළඳ සහ නිෂ්පාදන ආයතන නියාමනයට ලක් කිරීම.

3. "පියෙන් පිය" මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය

සංවර්ධනය කළ යුතු මාර්ග හඳුනා ගෙන දත්ත පද්ධතියක් සකස් කොට මාර්ග සංවර්ධනය සිදු කරමින් දැනට කැඩී බිඳී යමින් පවතින මාර්ග කඩිනමින් පිළිසකර කිරීම සහ අනාරක්ෂිත මාර්ග හඳුනාගෙන කඩිනම් පියවර ගැනීම තුළින් රථවාහන වේග සීමා නිර්ණය කිරිම ගමනාගමනය පහසු කිරිම, විධිමත් කිරිම.

4. "පහන් කණුව" වීදිලාම්පු ව්‍යාපෘතිය

බල ප්‍රදේශයේ වීදිලාම්පු පිළිබඳ දත්ත ලබා ගැනීම සහ වීදිලාම්පු සඳහා කේත අංකයක් ලබා දෙමින් වීදිලාම්පු තිබෙන ස්ථාන සිතියම් ගත කිරීම සහ සවස 6.00 – පෙ.ව. 6.00 යන එහි ක්‍රියා කිරීමේ වගකීම අසල්වාසියෙකුට ලිපියකින් පැවරීම.

5. "පස් පෙති මල්" පෙරපාසල් සංවර්ධන ව්‍යාපෘතිය

පෙර පාසල් පිළිබඳ දත්ත පද්ධතියක් සකස් කොට කඩිනමින් කළ යුතු සංවර්ධන කටයුතු සිදු කරමින් විධිමත්ව පවත්වා ගෙන යාම සහ යහපත් ගුණ ධර්ම දරුවන් තුළ රෝපණය කිරීමට වැඩපිළිවෙලක් සකස් කිරීම තුළින් දරුවන්ගේ ජිවන තත්වය සංවර්ධනය කිරිම, නිදහස් කායික මානසික සංවර්ධනය සඳහා අනුබල දෙමින් සියලුම පෙර පාසල් අධික්ෂණය කිරිම පාලනය කිරිම හා විධිමත් කිරීම.

6. "ඉවසීමයි ජවයයි" ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘතිය

ක්‍රීඩා පිටි, ක්‍රීඩා සමාජ සහ යෞවන සමාජ පිළිබඳ දත්ත පද්ධතියක් සකස් කර ක්‍රීඩා ගුරුවරු සහ විවිධ ක්‍රීඩා උපදේශකවරුන්ගේ සේවා ලබා ගනිමින් ක්‍රීඩා පිටිවල ඇති සංවර්ධන කටයුතු සිදුකර වාර්ෂික ක්‍රීඩා තරඟ, ක්‍රීඩා උත්සව සංවිධානය කරමින් පෞරුෂ වර්ධනය, නායකත්වය, සෞඛ්‍ය සහ ගුණ ධර්ම නංවාලීමේ වැඩසටහන් නිර්මාණය කිරීම.

7. "නිල් දියවර" පරිසර සංවර්ධන ව්‍යාපෘතිය

ස්වභාවික පරිසර පද්ධති ආරක්ෂා කර ජල පෝෂක ප්‍රදේශ, කඳු මුදුන් සහ බෑවුම් ඇළ දොළ ගංගා සංවර්ධනය සහ සංරක්ෂණය කරමින් පරිසරවේදීන් හා එක්ව පරිසරයේ ඇති වැදගත්කම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමට පියවර ගෙන විධිමත් පාලනයක් තුළින් ස්වභාවික පරිසර පද්ධතිය මතු පරපුරට දායාද කිරීම.

8. "ලාභයි ලාභයි" සතිපොළ සංවර්ධන ව්‍යාපෘතිය

වැසිකිළි, ජලය සහ විදුලිය යන මූලික අවශ්‍යතා සම්පූර්ණය කරමින් පොදු සතිපොල සංවර්ධනය කර පවත්වාගෙන යාමත් එහි කඩ කාමර ඉදිකර උපයෝගිතාවය වැඩි කිරිමට කටයුතු කරමින් සාධාරණ බදු මුදලක් අය කිරීමට පියවර ගනිමින් ගොවියා සහ වෙළෙන්ඳා සතිපොළට පැමිණීම දිරිමත් කරවීම.

9. "ඉසිඹු අරණ" සංචාරක ව්‍යාපෘතිය

සංචාරක වශයෙන් වැදගත් ස්ථාන පිළිබඳ දත්ත පද්ධතියක් සකස් කොට අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම සහ නව සංචාරක ස්ථාන හඳුනාගෙන සංවර්ධනය කිරීම තුළින් සභා බල ප්‍රදේශය අලංකාර ලෙස සකස් කිරීමට පියවර.

10. "පියස්ස" නිවාස සංවර්ධන ව්‍යාපෘතිය

තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක් තේමා කරගෙන සැමට සෙවණක් ලබා දීමේ අරමුණින් අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස සඳහා ප්‍රජා සහභාගීත්වය සහිතව උදව් උපකාර සිදු කිරීම.

11. "සනීපාරක්ෂා" වැසිකිළි සංවර්ධන ව්‍යාපෘතිය

මූලික පහසුකමක් වන වැසිකිළි නොමැති අඩු ආදායම්ලාභී පවුල් හඳුනාගෙන ප්‍රජා සහභාගීත්වය සහිතව වැසිකිළියක් ඉදිකර ගැනීම සඳහා උදව් උපකාර කිරීම සහ පොදු වැසිකිළි නිසි පරිදි නඩත්තු කිරිම.

12. "පිංතාලිය" පානීය ජල සංවර්ධන ව්‍යාපෘතිය

මූලික අවශ්‍යතාවයක් වන පානීය ජල හිඟයක් ඇති ප්‍රදේශවල ජනතාවට සහන සැලසමින් දැනටමත් ආරම්භ කර ඇති ජල ව්‍යාපෘති නිසි ලෙස නඩත්තු කොට ජලය අපතේ නොයවා භාවිතය ගැන ජනතාව දැනුම්වත් කර මහජන සහභාගීත්වය සහිතව සැමට පානීය ජලය ලබා දීමට අවශ්‍ය පියවර තැබීම.

13. "එකමුතු" ප්‍රජාශාලා සංවර්ධන ව්‍යාපෘතිය

මහජනතාවගේ පොදු අවශ්‍යතා සහ හමුවී සාකච්ඡා කිරීමට අවශ්‍ය ස්ථානයක් ලෙස ප්‍රජාශාලා අයත් භූමි නිරවුල් කොට මූලික අවශ්‍යතා හඳුනාගෙන මහජන සහභාගීත්වය සහිතව සංවර්ධනය කිරීම.

14. "දැකුම්කළු" නගර අලංකරණ ව්‍යාපෘතිය

සභා බල ප්‍රදේශය තුළ මාර්ගය දෙපස අලංකාර පරිසරයක් නිර්මාණය කිරීමට සහ විවේක ස්ථාන කිහිපයක් නාන තොටුපොළක් ප්‍රජා සහභාගීත්වය සහිතව සකස් කිරීමට කටයුතු කිරීම.

15. "වෙල්යාය" කෘෂි සංවර්ධන ව්‍යාපෘතිය

කුඹුරු, හේන් ගොවිතැන සහ ඇළ වේළි වැව් මෙන් ම ගොවි සංවිධාන පිළිබඳ දත්ත පද්ධතිය යාවත්කාලීන කර අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහ ගොවි ගැටළුවලට නිවැරදි මැදිහත්වීම සිදු කිරීම.

16. "නවාතැන්පොළ" ත්‍රිරෝද/රථගාල ව්‍යාපෘතිය

සුදුසු සහ අවශ්‍ය ස්ථාන හඳුනා ගෙන ත්‍රිරෝද, සෆාරි ජීප් සහ අනෙකුත් වාහන නැවතුම් සඳහා ස්ථාන විධිමත් ලෙස නියාමනයක් සහිතව පවත්වාගෙන යෑම.

17. "මළගිය ඇත්තෝ" සුසානභූමි සංවර්ධන ව්‍යාපෘතිය

පොදු සුසාන භුමි නිරවුල් කොට ප්‍රජා සහභාගීත්වය සහිතව සංවර්ධනය කරමින් සහ ආදාහනාගාර සේවය විධිමත්ව ක්‍රමවත්ව පවත්වාගෙන යාම.

18. "මාතලී" යන්ත්‍රෝපකරණ ඒකකය ස්ථාපිත කිරීම

සියලු රථවාහන ගාල් කර තැබීම සඳහා නව රථවාහන අංගනයක් සමග කුඩා නඩත්තු ඒකකයක් ලෙස ආරම්භ කරමින් ආයතනයේ රථවාහන සහ යන්ත්‍ර සූත්‍රවල සුළු අලුත්වැඩියාවන් සහ නඩත්තු සිදු කිරීම තුළින් නාස්තිය සහ දූෂණය අවම කොට අපතේ යන මුදල් නැවත මහජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් යෙදවීම.

 

19. "පලංචිය" ඉදිකිරීම් / කොන්ත්‍රාත් අංගනය ස්ථාපනය

පෙර පාසල්, උද්‍යාන, ක්‍රීඩා පිටි ඉදිකිරීම සහ නඩත්තුව සඳහා වෙල්ඩින් වැඩ, යකඩ වැඩ, ඉදිකිරීම් වැඩ ආදිය ප්‍රජා සහභාගීත්වය සහිතව සිදු කරමින් නාස්තිය සහ දූෂණය අවම කොට අපතේ යන මුදල් නැවත මහජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් යෙදවීම.