අපි ගැන

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවට සාදරයෙන් පිළිගනිමු

දළ විශ්ලේෂණය

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව යනු තම බල ප්‍රදේශය තුළ අත්‍යවශ්‍ය මහජන සේවාවන් පරිපාලනය කිරීම සහ සැපයීම සඳහා වගකිව යුතු පළාත් පාලන අධිකාරියයි. ශ්‍රී ලංකාවේ පළාත් පාලන පද්ධතියේ කොටසක් ලෙස, ප්‍රජා යහපැවැත්ම, යටිතල පහසුකම් සංවර්ධනය සහ පාරිසරික තිරසාරභාවය සහතික කිරීම සඳහා සභාව වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව වර්ග කිලෝමීටර් 140.5 ක භූමි ප්‍රමාණයකින් යුක්ත වන අතර ග්‍රාම නිලධාරී වසම් 31 කින් සමන්විත වේ. කොට්ඨාශ 17 ක් සහ ජනගහනය 127,000 කි. සභාවේ සභිකයින් සංඛ්‍යාව 32 කි.

තිරසාර සංවර්ධනයක් ඇති කිරීම සහ ඇඹිලිපිටිය ප්‍රදේශයේ සියලුම පදිංචිකරුවන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා කාර්යක්ෂම, විනිවිද පෙනෙන සහ පුරවැසි කේන්ද්‍රීය සේවාවන් සැපයීමට අපි කැපවී සිටිමු.

දැක්ම

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කායික මානසික සුවජීවනය පිරි ජනතාවක් බිහි කිරීම.

මෙහෙවර

බල ප්‍රදේශයේ ජනතාවගේ සුඛ විහරණය, පහසුව සහ සුභ සාධනය සඳහා සෞඛ්‍ය, පොදු උපයෝගිතා සේවා, පොදු මංමාවත් සංවර්ධනයට, ප්‍රවර්ධනයට අදාළ සියලු කරුණු විධිමත් කිරීම, පාලනය කිරීම සහ පරිපාලනය කිරීම තුළින් ගුණාත්මක, කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුතුව පුරවැසි සහභාගීත්ව විශිෂ්ට සේවාවක් සැපයීම.

ආදර්ශ පාඨය

පුනරුදයේ පුරවරය, ආයතනයේ සියලු කටයුතු මහජනතාවගේ අපේක්ෂා ඉලක්ක කර ජනතා සුඛ විහරණය සහ යහපැවැත්ම වෙනුවෙන් ආරම්භ කරන බවත් එමගින් ගුණ සම්පන්න සමාජයක් සහිත පුරවරයක් ගොඩනගන බවත් ය.

දර්ශනය

අතීත, වර්තමාන, අනාගත පොදු මහජනතාවගේ සම්පතක් වන සභා බල ප්‍රදේශයේ පවත්නා ස්වාභාවික, පෞරණික, ඛණිජමය සියලු ජීවි අජීවි සම්පත් ආරක්ෂා කොට සංවර්ධනය කරමින් මතු පරපුර උදෙසා භාර දීම.

අරමුණු

පංච මහා අරමුණු තුළින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ මෙහෙවර ඉටු කරනු ඇත.

  1. කාරුණික මහජන සම්බන්ධතාවය වැඩිදියුණු කිරීම.
  2. වංචාව, දූෂණය, නාස්තිය, පගාව, අල්ලස නැති සහකම්පනීය කාර්ය මණ්ඩල සේවයක්.
  3. මහ ජනතාවගේ උසස් ජිවන තත්වය සහතික කිරිම.
  4. නිර්මාණාත්මක, කාර්යක්ෂම ඵලදායි සුහදශීලී සේවාවක් සැපයීම.
  5. සභාව ජනතාවගේ පුරෝගාමි හිත මිතුරා බවට පත් වීම.