අධ්‍යාත්මික සංවර්ධන ව්‍යාපෘතිය (ක්‍රියා මාර්ග 9)

  • Home
  • Spiritual Development Project

1. “පොත් මගෙ නෙත් වගෙ” පුස්තකාල සංවර්ධන ව්‍යාපෘතිය

නව තාක්ෂණය සමග දැනට පවතින පුස්තකාල එකිනෙක සම්බන්ධ කොට සංවර්ධනය කර ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් පාඨක සමාජය, ළමා සමාජය ගොඩ නගා කියවීම හුරු කරවමින් වාර්ෂිකව සාහිත්‍ය සහ සංස්කෘතික උත්සව සංවිධානය කොට ගුණ ධර්ම සහිත සමාජයක් ගොඩ නැගීම.

2. “සුදු මිනිස්සු” සහකම්පනීය සංස්කෘතික ව්‍යාපෘතිය

සාහිත්‍ය විචාරය සහ රස වින්දනය සඳහාම වෙන් වූ සඟරා සංස්කෘතියක් ඇති කොට රසාස්වාදනය සඳහා වැඩපිළිවෙළක් සහ කවි, ගී, කෙටිකතා, නවකතා ලිවීමට දිරි ගැන්වීමත් කියවීම සහ රසාස්වාදනය ප්‍රචලිත කිරීමට සහ දිරි ගැන්වීමට වැඩසටහන් සැකසීමත් සාහිත්‍ය, ගී රසවින්දන ඇතුළත් සාහිත්‍ය සහ සංස්කෘතික උත්සව අඛණ්ඩව සංවිධානය කිරීමත් තරුණ ප්‍රජාව, පාසැල් ගුරුවරුන් හා සිසුන් ඉලක්ක කර ගත් සාහිත්‍ය රසවින්දන වැඩසටහන් සංවිධානය මගින් අලුත් රසික පිරිසක් ගොඩනැගීමට සහය වීමත් මගින් ගුණ ධර්ම සහිත සුදු සමාජයක් ගොඩ නැගීම.

3. “සුවසෙත” සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘතිය

මව් සායන, පෙර පාසල් දරුවන්ගේ සෞඛ්‍ය, මුඛ සෞඛ්‍ය සංවර්ධනය සහ ආහාර පුරුදු පිළිබඳ දරුවන් මෙන් ම දෙමව්පියන් දැනුම්වත් කර වැඩිහිටි සහ ආබාධිත දරුවන්ගේ සෞඛ්‍ය සහ පෝෂණය පිළිබඳ අවධානය යොමු කිරීම. බෝ නොවන රෝග සායන, ආයුර්වේද වෛද්‍ය සායන  සංවිධානය කරමින් මහජනතාවගේ යහපත් සෞඛ්‍ය පිළිවෙත් පිළිබඳව දැනුම්වත් කොට සෞඛ්‍ය මධ්‍යස්ථාන සංවර්ධනයට සහ යටිතල පහසුකම් සඳහා අවශ්‍ය පියවර ගැනීම.

4. “ධම්ම විජය” දහම් පාසල් සංවර්ධන ව්‍යාපෘතිය

දහම් පාසල්වල ඇති අඩුපාඩු පිළිබඳව තොරතුරු සකස් කර මූලික අවශ්‍යතා ලෙස ඉටුවිය යුතු සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බලා දායක වීම.

5. “අතහිත” සුබසාධන ව්‍යාපෘතිය

අස්වැසුම, සමෘද්ධිය, වකුගඩු දීමනා ආදී දීමනා ලැබිය යුතු අයට නොලැබී ඇත්නම් සොයා බලා විවිධ ක්ෂෙත්‍ර ඔස්සේ පුරවැසියාගේ අවශ්‍යතා පිළිබඳ දුක්ගැනවිලිවලට සවන් දී සටහන් කොට අවශ්‍ය මැදිහත් වීම සිදු කිරීම. කාන්තා සහ ළමා අවශ්‍යතා පිළිබඳ සොයා බලමින් කාන්තා සමිති, වැඩිහිටි සමිති ආදී සුබෂාදන සමිති මුහුණ දෙන පොදු ගැටළු විසඳීමට කටයුතු කිරීම සහ තුන් මසකට වරක් හෝ අදාළ කොට්ඨාස මන්ත්‍රීවරුන් සහ සභාවේ නිලධාරීන් සමග කොට්ඨාසයට ගොස් අඩුපාඩු සොයා බැලීම.

6. “‍එක්ටැම්ගේ”‍ මත්ද්‍රව්‍ය නිවාරණ ව්‍යාපෘතිය

පාසල් මට්ටමින් සහ වසම් මට්ටමින් සාහිත්‍ය, ගී පැදුර යන විශේෂ වැඩසටහන් නිර්මාණය කර මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුම්වත් කිරීම සහ මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් වෙනුවෙන් පුනරුත්ථාපන වැඩසටහන් සඳහා දායක වෙමින් මත්පැන් නිෂ්පාදකයින් හඳුනාගෙන වෘත්තීය පුහුණු සහ ස්වයං රැකියා අවස්ථා නිර්මාණය කර ඔවුන් එයින් ඈත් කිරීමට පියවර ගැනීමත් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන්ට වෘත්තීය පුහුණු සහ ස්වයං රැකියා අවස්ථා නිර්මාණය කර දීම සඳහා  අදාළ රාජ්‍ය ආයතන ඒකාබද්ධ කොට කමිටුවක් පිහිටුවා කටයුතු කිරීම.

7. “‍වාරුව”‍ ආබාධිත සංවර්ධන ව්‍යාපෘතිය

කොට්ඨාස මට්ටමින් ආබාධිත පුරවැසියන්ගේ දත්ත පද්ධතියක් සකසා ඔවුන්ගේ භාරකරුවන්ගේ එකමුතුවක් සකස් කොට ඔවුන්ගේ සෞඛ්‍ය, පෝෂණය, වැසිකිළි ආදී අනෙකුත්  විශේෂ අවශ්‍යතා හඳුනා ගෙන පිළියම් යෙදීම. සුදුසු අය වෙත ස්වයං රැකියා හෝ වෘත්තීය පුහුණු ලබා දීමත් දීමනා කඩිනමින් සහ නිවැරදිව ලබා ගැනීමට සහය වීම.

8. “අත දෙන්නම්”‍ වැඩිහිටි සංවර්ධන ව්‍යාපෘතිය

කොට්ඨාස මට්ටමින් වැඩිහිටි පුරවැසියන්ගේ දත්ත පද්ධතියක් සකස් කොට ඔවුන්ගේ සෞඛ්‍ය, පෝෂණය, වැසිකිළි ආදී විශේෂ අවශ්‍යතා පිළිබඳව තොරතුරු ගෙන සුදුසු අය වෙත ස්වයං රැකියා හෝ වෘත්තීය පුහුණු ලබා දීමට සහ දීමනා කඩිනමින් සහ නිවැරදිව ලබා ගැනීමට සහය වීම. ප්‍රජා සහභාගීත්වය සහිතව එක්තැන් වී ඇති අය වෙත රෝදපුටු, කිහිළිකරු, හුළං මෙට්ට ආදීය ලබා දීමට “අත දෙන්නම්”‍ බැංකුව නිර්මාණය කිරීම.

9. “‍පුදබිමට මොහොතක්”‍ පූජාභූමි සංවර්ධන ව්‍යාපෘතිය

ආගමික සිද්ධස්ථාන මුල් කර ගෙන ප්‍රජා සහභාගීත්වය සහිතව ශ්‍රමදාන පවත්වා සහ මූලික අවශ්‍යතා සංවර්ධනය කිරීමට කටයුතු කිරීම.