අනතුරුදායක ගස් ඉවත් කිරීමේ විශේෂ වැඩසටහන

ඇඹිලිපිටිය ප්රාදේශීය සභාව විසින් ජනතාවගේ #ආරක්ෂාව ප්රමුඛ කර ගනිමින් #මාර්ග_දෙපස ඇති අනතුරුදායක ගස් ඉවත් කිරීමේ #විශේෂ_වැඩසටහන 2026 මාර්තු මස 04 වන දින ආරම්භ කිරීමට නියමිත යි.
මෙම වැඩසටහනේ ප්රථම අදියර #උඩවලව_දකුණු_ඇල ප්රදේශයෙන් ආරම්භ වන අතර, මාර්ගයේ ගමන් කරන රියදුරන්ට, පදිකයින්ට සහ ප්රදේශවාසීන්ට ඇති විය හැකි අනතුරු අවම කිරීම මෙහි ප්රධාන අරමුණ යි.
ග්රාම නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරි ප්රමුඛ රාජ්ය නිලධාරීන්, ලංකා විදුලි බල මණ්ඩලය – උඩවලව, ටෙලිකොම් ආයතනය, විධායක ඉංජිනේරු, දැව සංස්ථාව, පොලිසිය උඩවලව යන ආයතනවල සහයෝගය සහිතව ….
ඔබ සැමගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිදු කරන මෙම කටයුත්තට ඔබගේ ශ්රම දායකත්වය සහ සහයෝගය ලබා දෙමින් සම්මාදම් වන මෙන් ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු.
🗓️ දිනය: 2026 මාර්තු 04
📍 ස්ථානය: උඩවලව දකුණු ඇල ප්රදේශය

Leave A Comment